භාෂා හෙළකුරු වනාහී ජංගම දුරකථන සඳහා ප්‍රථම සහ එකම ශබ්දානුකූල සිංහල
මෘදුයතුරු පුවරුවයි.
භාෂා හෙළකුරු නිපදවා ඇත්තේ සම්මත ඇන්ඩ්‍රොයිඩ් මෘදුයතුරු පුවරුවක්
ආකාරයෙන් වන නිසා එය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ඕනෑම යෙදුමක දී
භාවිතා කළ හැක. එනම්, භාෂා හෙළකුරු භාවිතයෙන් ඔබට සිංහල සහය දක්වන යෙදුම් (උදා: සෙට් බ්‍රව්සර්, භාෂා ශබ්දකෝෂය) මත පමණක් නොව ජීමේල්, ෆේස්බුක්, ට්වීටර් වැනි ඕනෑම යෙදුමක් මත වුව ද සිංහලෙන් යතුරු කළ හැක.
හෙළකුරු යතුරුපුවරුව භාවිතයෙන් සිංහලෙන් යතුරු කිරීම සඳහා ඔබේ ඇන්ඩ්‍රොයිඩ්
දුරකථනයේ සිංහල සහය තිබීම ද අත්‍යාවශ්‍ය නැත. ඔබේ දුරකථනයේ සිංහල සහය
නොතිබුණ ද, හෙළකුරු යතුරුපුවරුවෙන් ඔබ යතුරු කරන සිංහල අකුරු දැක බලා ගැනීම සඳහා
හෙළකුරු මඟින් ඔබට විශේෂිත 'පෙරදසුන් තීරුවක්' සැපයෙයි. එමඟින් ඔබට ඔබ යතුරුකරන සිංහල අකුරු නිරීක්ෂණය කරමින්
නිවැරදිව යතුරු කිරීමට හැකියාව ලැබෙයි.
හෙළකුරු යතුරුපුවරුව ඔබ ස්ථාපනය කරගත් පසු, ඔබේ දුරකථනයේ සැකසුම් වෙත ගොස් එය සක්‍රීය කරගත යුතුය. ඔබ එය සක්‍රීය
කළ පසු අකුරු ඇතුළත් කරන ඕනෑම ස්ථානයක දී ඔබ යතුරුපුවරුව මාරු කිරීමට ගිය
විට, හෙළකුරු යතුරුපුවරුව ද අනෙකුත් යතුරුපුවරු සමඟ දිස්වනු ඇත. එහිදී
හෙළකුරු යතුරුපුවරුව තේරීමෙන් ඔබට සිංහලෙන් යතුරු කිරීමට හැකිවනු ඇත.
හෙළකුරු යතුරුපුවරුව සක්‍රීය කරගන්නා ආකාරය සහ එයට මාරුවන ආකාරය
පිළිබඳ දැනගැනීමට තිරයේ දිස්වන උපදෙස් පිළිපදින්න.
|
No comments:
Post a Comment