B 4 U die .......

Android ගැන දන්නා/නොදන්නා සියලුම අලුත්ම තොරතුරු සිංහලෙන් ඉගනගන්න ....
අත්හද බලන්න .............
ගැටළු වලට විසදුම් ලබාගන්න ................

මෙහි ඇති යම් දෙයක් උපුටා ගන්නේනම් කරුණාකර දැනුම්දෙන්න ... කතෘ අයිතිය සුරකින්න

add2

hed ad

Saturday 27 December 2014

එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් යානාවක් ඉන්දුනිසියාවේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබිය දී අතුරුදන් වී ඇත



මෙම ඡායාරූපය සිදුවීමට අදාල නොමැත.. 

එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් යානාවක් ඉන්දුනිසියාවේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබිය දී අතුරුදන් වී ඇතැයි විදෙස් වාර්තා පවසනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ QZ 8501 නමැති යානාවක් බවයි බී.බී.සී ලෝක සේවය වාර්තා කළේ. අතුරුදන්වන අවස්ථාව වන විට එම යානාව මගීන් 162 දෙනෙකු රැගෙන පියාසර කර ඇති බව ඉන්දුනිසියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා අතුරුදන් වු යානාව සහ ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය අතර පැවති සම්බන්ධතාව ඉන්දුනිසියානු වේලාවෙන් උදෑසන 07.24ට පමණ බිඳ වැටුණු බව එයාර් ඒෂියා ගුවන් සමාගම පවසනවා ... ඉන්දුනීසියන් රජය සහ Airasia අායතනය පවසන අාකාරයට .. මගීන් ප්‍රමානය...

එයාර් බස් ඒ 320 - 200 වර්ගයේ මෙම ගුවන් යානයේ මගීන් 155 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු සිටි බවයි එම ගුවන් සේවය නිවේදනය කළේ.

ගුවන් මගීන් අතර ඉන්දුනීසියානුවන් 149 දෙනෙකු, කොරියානුවන් තුන් දෙනෙකු මෙන්ම සිංගප්පූරුව, බි‍්‍රතාන්‍යය, මැලේසියාව යන රටවල වැසියන් එක් අයෙකු බැගින් සිටි බවද එම නිවේදනයේ දැක්වෙනවා. වැඩිහිටි පුද්ගලයන් 138 දෙනෙකු, ළමයින් 16 දෙනෙකු සහ ළදරුවෙකුද යානයේ ගමන් කර තිබෙනවා. ඉන්දුනීසියානු වේලාවෙන් අද උදෑසන 7 යි 55 ට ගමන් ඇරඹූ ගුවන් යානයේ සන්නිවේදනයන්  ඊට විනාඩි 42 කට පසු නතරවූ බවයි ගුවන් සේවය ප‍්‍රකාශ කළේ. ඒ අනුව යානය අතුරුදන්වී ඇත්තේ ඉන්දුනීසියාවේ කලිමන්තාන් සහ ජාවා දිවයින් අතර මුහුදු තීරයට ඉහළ වූ ගුවනේ්දියි. අතුරුදන්වූ මගී ගුවන් යානයේ සෝදිසි මෙහෙයුම් කටයුතු ආරම්භ වූ බව එයාර් ඒෂියා ගුවන් සේවය සඳහන් කළා. එයාර් ඒෂියා මැලේසියාව කේන්ද්‍ර කරගත් පිරිමැසුම් ගුවන් සේවයක්.


යාර් ඒසියා ගුවන් සමාගම ශෝකය ප්‍රකාශ කිරීම සඳහා ඔහුන්ගේ ෆේස්බුක් ගිණුමෙ සහ ට්විටර් ගිණුමෙහි ඉදිරිපස ඡායාරූපයන් කළු සුදු වර්ණයෙන් යොදා ඇත...   වැඩි තොරතුරු සදහා අප හා රැදෙන්න ... සින්ගපූරුවේ සිට අලුත්ම තොරතුරු.....